අසනග වැසි Asanaga Wasi

(0 reviews)
Estimate Shipping Time: 1 Days

Inhouse product


Price
LKR1,020.00 LKR1,200.00 /g
Quantity
Total Price

or make 3 interest free instalments of LKR340.00 with Koko

or make 6 interest free instalments of LKR170.00 with HNB

or make 12 installments LKR85.00 with DFCC

or make 12 installments LKR85.00 with Commercial

Share

අසනග වැසි Asanaga Wasi 

දර්ශනා ශම්මි විජේතිලක


ස්වර්ණ පුස්තක සම්මානය 2018 අවසාන වටය සඳහා නිර්දේශිත


ආලත්ති අම්ම නිසොල්මනේ ඔළුව පහත් කරගෙන හිටිය. 

පාං එළියට පිටුපාලා නිසා හෙවණැල්ල වැටිල බිත්තියට. ආලත්ති අම්මගෙ නිකටෙන් අල්ලල බිත්තිය පැත්තට හැරෙව්වම තමයි දැක්කෙ හෙවණැලි දෙක නියපොත්තෙන් බිත්තියෙ ඇඳල. 

දඟකාරකමක් කළ පොඩි එකෙක් වගේ බලාගෙන ඉන්නව. තමාගෙ හිතේ ඇති පාර පාරා තියෙන දුක බය ගැන වගක්වත් නැහැ. ආලත්ති අම්ම හිතුව කෙළින්ම කතා කරන්න ඕනය කියල. “මහත්තය... අපි දෙන්නම එකතු වෙලා වැරැද්දක් කළා. මම කසාද බැඳල දීගෙ ඇරුණ ගෑනියෙක් නිසා ඒ වැරැද්ද මට මහත්තය පිටින් දමන්න බැහැ. දැන් මට මහත්තය එළවන්නත් බැහැ. තියා ගන්නත් බැහැ. ඒත් මට මහත්තයව මේ ගෙදර වහං කරගෙන ඉන්න බැහැ. අපි ආයෙ කවදාවත් මේ වැරැද්ද නොවෙන විදියට වැඩ කටයුතු කරමු. මහත්තය කැමති දෙයක් කරන්න.