or make 3 interest free instalments of LKR83.33 with Koko
or make 6 interest free installments of LKR41.67 with HNB
or make 12 installments LKR20.83 with DFCC
or make 12 installments LKR20.83 with Commercial
“කේශ ධාතු විස්තරය” නම් වූ මේ පොතේ සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේ ගේ කේශ ධාතූන් වහන්සේලා ගැන දැන ගත යුතු මූලික කරුණු ස්වල්පයකි. ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, බුරුමය (මියෙන්මාරය) යන රටවල කේශ ධාතූන් වහන්සේලා නිදන් කර දාගැබ් තනා ඇත. මේ දාගැබ්වලින් කිහිපයක් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේ තනා තිබේ. කේශ ධාතූන් වහන්සේලා නිදන් කර ලොව පළමු වරට දාගැබ් කරවීමේ ගෞරවය හිමි වන්නේ තපස්සු, භල්ලික වෙළඳ දෙබෑයන්ට ය. බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික ධාතූන් වහන්සේලා ගෙන් වැඩිම ධාතු ප්‍රමාණයක් වැඩ සිටින එකම රට ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය වූ ශ්‍රී ලංකාව යි. ලංකාවේ පුරාණ දාගැබ් කිහිපයක සර්වඥ කේශ ධාතු තැන්පත් ව ඇත. කේශ ධාතූන් වහන්සේලා වැඩ සිටින දාගැබ් වහන්සේලා ගැන ප්‍රමාණවත් දැනීමක් අපේ බෞද්ධයින්ට නැත. ඒ බව ඔවුන් හා කථා කිරීමෙන් පෙනී ගියේය. කේශ ධාතූන් වහන්සේලා ගැන වෙන ම ලියැවුණු පොතක් ද මෙකල දක්නට නැත. අතීතයේ “කේශ ධාතුවංශය” යන නමින් ප්‍රකට ග්‍රන්ථයක් තිබී ඇතත් අද එය දක්නට නැති අප්‍රකට, දුර්ලභ ග්‍රන්ථයකි. “කේශධාතුවංශය” යන නමින් ප්‍රකට කුඩා පාලි ග්‍රන්ථයක් ඇතත් එහි ඇත්තේ කේශ ධාතු සය නමක් නිදන් කර තැනූ දාගැබ් වහන්සේලා සය නමක් ගැන විස්තරයකි. ඒ හැර එහි කේශ ධාතූන් වහන්සේලා ගැන වෙන විස්තර සඳහන් කර නැත. කරුණු මෙසේ පවතින බැවින් “කේශ ධාතු විස්තරය” නම් වූ මේ කුඩා පොත සම්පාදනය කළෙමි. පොත කුඩා වුවත් මෙය මුල සිට අග දක්වා කියැවීමෙන් කේශ ධාතූන් වහන්සේලා ගැන ප්‍රමාණවත් අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි සිතමි.
කේශ ධාතු විස්තරය, Kesha Dathu Wistharaya, ගයාන් චානුක විදානපතිරණ, Gayan Chanuka Vidanapathirana, දයාවංශ ජයකොඩි, Dayawansha Jayakody, yevobay.com, YEVO BAY, ශ්‍රී ලංකා පොත්, සිංහල පොත්, தமிழ் புத்தகங்கள், ISBN 9789555519045
“கேஷா தத்து விஸ்தரயா” என்ற இந்த புத்தகத்தில் புத்தரின் கேஷா தத்துக்கள் பற்றிய அடிப்படையான தகவல்கள் கொடுக்கப்பட்டுள்ளன. ஆப்கானிஸ்தான், பாகிஸ்தான், இந்தியா, இலங்கை மற்றும் மியான்மர் போன்ற நாடுகளில் கேஷா தத்துக்கள் வைத்து சடங்குகள் நடத்தப்பட்டுள்ளன. சில சடங்குகள் புத்தர் வாழ்ந்த காலத்திலேயே அமைக்கப்பட்டவை. கேஷா தத்துக்கள் முதன்முதலில் சடங்குகளுக்கு உட்படுத்தப்பட்டதற்கான கௌரவம் தவசு மற்றும் வணிகர்களுக்கு வழங்கப்பட்டது. புத்தரின் உடல் தத்துக்கள் அதிக அளவில் உள்ள நாடு, தெரவாதி புத்த மதத்தின் மையமான இலங்கையே ஆகும். இலங்கையில் பழமையான சில சடங்குகளிலும் கேஷா தத்துக்கள் பாதுகாக்கப்பட்டுள்ளன. கேஷா தத்துக்கள் உள்ள சடங்குகள் பற்றிய போதுமான அறிவு எங்கள் புத்த மதவாசிகளிடம் இல்லை. இதை அவர்களுடன் பேசும்போது தெரிந்தது. கேஷா தத்துக்கள் பற்றிய வேறு எந்த புத்தகமும் இப்போது காணப்படவில்லை. பழைய காலத்தில் “கேஷா தத்துவம்ஷய” என்ற பிரபலமான நூல் இருந்தாலும் அது இப்போது காணப்படாத அரிதான நூலாகும். “கேஷா தத்துவம்ஷய” என்ற சிறிய பாளி நூலில் கேஷா தத்துக்கள் மற்றும் சடங்கு இடங்கள் பற்றிய சில விவரங்கள் உள்ளன. அதற்கு அப்பால் வேறு விவரங்கள் இல்லை. இத்தகைய சூழலில் “கேஷா தத்து விஸ்தரயா” என்ற இந்த சிறிய புத்தகம் உருவாக்கப்பட்டது. புத்தகம் சிறியது என்றாலும் முழுமையாக படித்தால் கேஷா தத்துக்கள் பற்றிய போதுமான அறிவு பெற முடியும் என்று நம்புகிறேன்.
கேஷா தத்து விஸ்தரயா, Kesha Dathu Wistharaya, கயான் சானுக விதானபதிரணா, Gayan Chanuka Vidanapathirana, தயவன்ஷ ஜயகொடி, Dayawansha Jayakody, yevobay.com, YEVO BAY, இலங்கை புத்தகங்கள், தமிழ் புத்தகங்கள், ISBN 9789555519045