or make 3 interest free instalments of LKR390.00 with Koko
or make 6 interest free instalments of LKR195.00 with HNB
or make 12 installments LKR97.50 with DFCC
or make 12 installments LKR97.50 with Commercial
ඔක්තෝබර් රුසියානු විප්ලවයේ කතාව - October Rusiyanu Wiplawaye Kathawa - Upali Rathnayaka
1917 යනු වික‍්‍රමාන්විත කි‍්‍රයා, අපේක්‍ෂා, ද්‍රෝහිකම්, ඇදහිය නොහැකි අහම්බ සිදුවීම්, යුද ගැටුම් හා සටකපට කූට ප‍්‍රයෝග, අභීත භාවය, බියගුලූකම හා මුග්ධ භාවය, පුරසාරම, වීර්යය හා ශෝකාන්තය යන සියල්ල එකම දාමයක්ව බැඳුණු වීර කාව්‍යයකි; එයඋන්නතිකාමයේ සහ වෙනස්වීමේ යුගයකි; එය ඇස් නිලංකාර කරවන ආලෝකයේ, ශක්තියේ, අඳුරු සෙවණැලිවල යුගයකි; එය මහාමාර්ග, දුම්රිය මාර්ග සහ දුම්රිය පිළිබඳ යුගයකි.රුසියානු විප්ලවය ගැන අප කෙතෙක් නම් පොත් කියවා තිබේ ද? එසේ වුව ද ඒ විවාදාත්මක සිදුවීම් ජාලය පිළිබඳව ලියා ඇති අන් කවර පොතකට ද වඩා මේ කෘතිය සුවිශේෂී එකක් වන්නේ එය එම විප්ලවයේ අඳුරු අහුමුළු ද එළිය කරමින්, ඊට දායක සහ නායක වූ චරිත මැදහත් මනසකින් යුතුව විස්තර කරන නිසාම පමණක් නොවේ. ඒ සිදුවීම් මාලාව ශූර නවකථාකරුවකුගෙන් පමණක් බලාපොරොත්තු විය හැකි ආකාරයට පාඨක කුතුහලය ද අවුළුවමින් ඔහු ගොනු කරන විලාසය ද නිසාය. කුඩා දිය සීරාවක් ලෙස ඇරඹි ඔක්තෝබර් විප්ලවය නමැති මහෝඝය ඇළ, දොළ, දියකඳුරු, අතු ගංගා එකතු කර ගනිමින්, වන වදුලූ, තුරු වදුලූ, තැනි බිම් මැදින්, ගල් පර මතින් ගලා යන ර`ග, අප හමුවේ නාටකීය ලෙසින් ඉදිරිපත් කරන ප‍්‍රබුද්ධ ශෛලිය ද නිසාය.