or make 3 interest free instalments of LKR159.00 with Koko
or make 6 interest free installments of LKR79.50 with HNB
or make 12 installments LKR39.75 with DFCC
or make 12 installments LKR39.75 with Commercial
යොවුන් වියේ හට ගන්නා කෙළිලොල් භාවයම බැඳීමක් අයාලේ ගිය පෙම් පුවතක් වන්නට නොඳී රැක ගත් යෞවනියක්... ප්රේමයෙන් ආතුර සිතක ඉපදෙන මානවීය ලලාසව ජීවන අපේක්ෂාවන්හි සංකීර්ණත්වය හා මුසු කර වැළද ගත් යෞවනයෙක්.... හදවතේ ගැඹුර වටහා ගනිමින් එහි සියලු තත් පිරිමදිමින්, ආලෝකය හා අඳුර දකිමින් සැබෑ ජීවිතය උදා කර ගැනීමේ සටනකට අවතීර්ණ වන ඔවුන්ගේ කතාවේ අපූර්වත්වය විඳින්නට 'වීනස්ගේ උපත' ඔබට ආරාධනා කරයි. ශ්රී ලාංකේය රසික-විචාරක අවධානයට නතු වූ නවකතා ගණනාවක් නිමවා ඇති ශමෙල් ජයකොඩිගේ 'ප්රංශ පෙම්වතා', 'ඇමෙරිකා', 'රෝසමලී', 'පියාපත් ලද දෝණිය', 'ගැහැනු ළමයාගේ මරණය' 'පාරාදීසයක දරුවෝ' නවකතා ස්වර්ණ පුස්තක හොඳම නවකතා ලෙස නිර්දේශිතව සම්මාන උළෙල නියෝජනය කළේය.
| Author | ශමෙල් ජයකොඩි - Shamel Jayakodi |
|---|---|
| Page Count | 316 |
| ISBN Number | 9789553113092 |