V.I. Lenin – වී.අයි. ලෙනින් - M W Sumana Dayananda
Author: Piyasena Manilgama
Publisher: Rusiyava Prakashakayo
මානව සංහතියේ යහ පැවැත්ම උදෙසා ලොව ගමන් මඟ වෙනස් කළ මිනිසුන් පහළ වන්නේ කලාතුරකිනි. න්‍යාය පුස්තකයට සීමාව තිබූ කොමියුනිස්ට් ධර්මය, සමාජවාදය භාවිතාවක් බවටත් එහි විපුල පලත් ලොවට පසක් කළ පෙරටුගාමියා ලෙස වී. අයි. ලෙකින් ඉතිහාසයට එක් වී හමාර ය. ඒ හෙයින් ලෙනින් අමරණීය චර්තයක් වෙයි. අමරණීය මිනිසුන්ගේ ජීවන ප්‍රවෘත්තිය ද අසිව්වත් එකකි. පුද්ගල ස්වාර්ථය මුළුමණින් ම බැහැර කොට හුදු මානව සමාජීය පීඩිතයින්ගේ අවශ්‍යයතාවය වෙනුවෙන් පමණක් ජීවත් වූ උදාර මිනිසෙකි විව්ලැඩිමීර් අයිලිච් ලෙනින්, ඔහු ශ්‍රේෂ්ඨ ලෙනින් වන්නේ ද එහෙයිනි.
ලොව විවිධ භාෂා ගණනාවකට පෙරැළී ඇති මර්යා ප්‍රිලේෂායේවා ලියූ ලෙනින් වර්තාපදානය දේශපාලන ව්‍යාපාර මෙන් ම පුද්ගල චරිත සංවර්ධනයෙහි ද ලා අත් පොතක් ලෙස භාවිතා වේ. නුහුරු බසකින් පළ වූ මෙම තෙත එම්.ඩබ්ලිව් සුමන දයානන්දයන් විසින් අපට හුරු බසට සරලව පෙරළා ඇති හෙයින් සිසු ගුරු දෙපක්ෂයට ම, නීතිය හසුරුවන අයට, සමාජ සංවිධාන වලට විශේෂයෙන් දේශපාලකයිනට අවශ්‍යයෙන් ම තිබිය යුතු මහඟු මාර්ගෝපදේශ සංග්‍රහයක් ලෙස ඉඳුරා ම හැඳින්විය හැකිය.