or make 3 interest free instalments of LKR200.00 with Koko
or make 6 interest free installments of LKR100.00 with HNB
or make 12 installments LKR50.00 with DFCC
or make 12 installments LKR50.00 with Commercial
සේරුවිල මංගල මහා දාගැබ ඉදි කරණු ලැබුවේ දුටුගැමුණු මහ රජතුමා ගේ පියා වූ කාවන්තිස්ස මහ රජතුමා ය. ඒ ක්රි.පූ. දෙවැනි සියවසේ දී ය. සර්වඥයන් වහන්සේ ගේ ලලාට ධාතුව හා කේශ ධාතු තැන්පත් කර ඇත්තේ මේ මහා දාගැබ තුළ යි.
බුදුරදුන් තෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ දී සේරුවිලට ද වැඩම කර දැන් මේ මංගල මහා දාගැබ පිහිටා ඇති ස්ථානයේ පන්සියයක් මහ රහතුන් ද සමගින් මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටියහ. පසුව බුදුරදුන් මහ රහතුන් ද සමගින් ඒ ස්ථානය වටා තෙවරක් වැඩම කර සුමන නාරජු අතේ තිබූ සපු ගසෙන් මල් ගෙණ ඒ ස්ථානයට පූජා කළහ.
මේ මහා භද්ර කල්පයේ ලොව පහළ වූ කකුසඳ, කෝණාගමන, කාශ්යප යන බුදුරජාණන් වහන්සේලා තුන් නම ගේ ධාතු ද දැන් මේ සේරුවිල මංගල මහා දාගැබ පිහිටා ඇති ස්ථානයේ තැන්පත් කර තිබුණි. මේ බව පාලි ධාතුවංශයේ මෙන් ම සිංහල ධාතුවංශයේ ද සඳහන් වෙයි. මේ සියලු කරුණු සලකා බැලීමේ දී සේරුවිල මංගල මහා දාගැබ් වහන්සේ ගේ ඇති පූජනීයත්වය මෙන් ම වටිනාකම කෙතරම් දැ'යි කියා පැහැදිලි ව පෙනේ.
சேருவிலா மங்கள மகா சாய்த்யம் கட்டப்பட்டது துடுகமுனு மகா ராஜாவின் தந்தை காவந்திஸ்ஸ மகா ராஜா ஆவார். இது கி.பூ. இரண்டாம் நூற்றாண்டில் கட்டப்பட்டது. சர்வஞ் வன்காரர்களின் லலா தாதுக்கள் மற்றும் கெஷ தாதுக்கள் இந்த மஹா சாய்த்யத்தில் வைக்கப்பட்டுள்ளன.
புத்தரின் மூன்றாவது முறையாக இலங்கைக்கு வருகை தரும் போது சேருவிலாவிலும் அவர் பணியாற்றினார். இங்கு அமைந்துள்ள மஹா சாய்த்யம் அருகே ஒரு பன்சியமும் அமைந்தது. புத்தர் மற்றும் மகா ரஹதான்கள் சில நேரம் இங்கு தங்கியிருந்தனர். பின்னர், சுமன நாரஜு கையில் இருந்த சப்பு மரத்திலிருந்து மலர்களை இங்கு பூஜை செய்தனர்.
இந்த மஹா சாய்த்யத்தில் உலகிற்கு வந்த மூன்று புகழ்பெற்ற புத்தர்கள் ககுசந்த, கோணாகமன மற்றும் காஷ்யபர் ஆகியோரின் தாதுக்கள் வைக்கப்பட்டுள்ளன. இது பாளி மற்றும் சிங்கள தாது வரலாற்றிலும் குறிப்பிடப்பட்டுள்ளது. இந்த அனைத்து விவரங்களும் சேருவிலா மங்கள மஹா சாய்த்யத்தின் மதிப்பையும் சிறப்பையும் தெளிவாக காட்டுகின்றன.